කොළඹ ප්‍රමුඛ ප්‍රධාන නගරවල පාසල් මේ සතියේ නොපැවැත්වෙයි

Share Button

කොළඹ කලාපය, ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පලාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් මේ සතියේ නොපැවැත්විමට තිරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරිමට බස්නාහිර ඇතුලු සියලු පලාත් අධ්‍යාපන නිලධාරින්ට අවසර දි තිබේ.

පාසල් පැවැත්වුවද යම් සිසු කණ්ඩායමකට සහභාගීවිමට නොහැකි නම් එම සිසුන්ට මාර්ගගත ඉගැන්වීම් සදහා පහසුකම් පවතින්නේ නම් එම ක්‍රමය භාවිත කිරිමේ හැකියාව පවති. ප්‍රාදේශිය මට්ටමින් අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල්වල සිසුන්ට ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ප්‍රවාහන අපහසුතා බලනොපාන තත්ත්වයක් යටතේ එම පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමට පළාත් අධ්‍යාපන නිලධාරින්ට අවසර පවතී. පැමිණිමට නොහැකි සිසුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව සැලකිල්ලට ගෙන පාසල් පවත්වාගෙන යාමට හැකියාව පවතින්නේ නම් විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග සාකච්ඡා කර සුදුසු පියවර ගැනිමට අවසර දි ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. අමාත්‍යංශ සහ පලාත් අධ්‍යාපන නිලධාරින් සමග මාර්ගගත ක්‍රමයට පැවැති සාකච්ඡාවකදි ඉදිරිපත් වු තොරතුරු අනුව මෙම තිරණයට එලැඹ තිබේ. අද සිට සිකුරාදා දක්වා සතිය තුල එය ක්‍රියාත්මක කෙරේ. එම ක්‍රියාවලිය සමාලෝචනයට ලක් කර ලබන සෙනසුරාදා පවත්වන සාකච්ඡාවකින් පසු ලබන 27 වැනිදායින් ආරම්භ වන සතියේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් තිරණය කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඉදිරි සති දෙකක කාලයේදි දහවල් කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.ඒ අනුව අද සිට පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකෙරේ.මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකෙරෙන බැවින් දහවල් කාලයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය කර ඇති ඉල්ලිමට අනුව කොමිසම එම ක්‍රියාමාර්ග ගෙන තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.