ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද දිවයිනට

Share Button

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ණය සම්බන්ධයෙන් වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම්වලට එළඹීම සදහා එම අරමුදලේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණෙති. කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත පිරිසක් හැකි ඉක්මණින් මෙරටට එවන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගෙන් පසුගියදා ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවට සහායදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සුදානමින් සිටින බව එහිදී පැවසු අධ්‍යක්‍ෂවරිය අගමැතිවරයාගේ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් කාර්යය මණ්ඩල මට්ටමේ නියෝජිත පිරිසක් මෙරටට එවීමට එකගත්වය පල කළාය.

ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ ගිවිසුම් අත්සන් තැබීම මත ණය ගැනීම සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග රදා පවතින බවත් නියෝජිත පිරිස සතියක් පමණ සාකච්ඡා සදහා මෙරට රැදි සිටින බවත් අගමැති කාර්යාලය සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.