සරණාගතයන් සඳහා වන ජාත්‍යන්තර දිනය අද

Share Button

සරණාගතයන් සදහා වන ජාත්‍යන්තර දිනය අදයි. සරණාගතයන්ගේ තත්ත්වය හා සම්බන්ධ 1951 සම්මුතියේ ස්වර්ණ ජයන්තිය සමරමින් 2001 ජුනි 20 වැනිදා එම දිනය මුල්වරට පවත්වනු ලැබිය. එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලය 2000 දෙසැම්බර් මාසයේදී එය ජාත්‍යන්තර දිනයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ගෝලීය වශයෙන් සරණාගතයන් දෙකෝටි 60 ලක්ෂයක් පමණ සිටින බව විශ්වාස කෙරේ. ඉන් අඩක්ම කුඩා ළමයි වෙති. සරණාගතයන්ගෙන් සියයට 85 ක්ම සංවර්ධනය වෙමින් පවතින රටවලින් වාර්තාවීම විශේෂත්වයකි. 2019 දී වාර්තාවු සමස්ත සරණාගත සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්ම පැමිණ ඇත්තේ සිරියාව, වෙනිසියුලාව, ඇෆ්ගනිස්ථානය, දකුණු සුඩානය හා මියන්මාරය යන රටවලිනි.

2014 සිට සරණාගතයන් සදහා ප්‍රධාන සම්භවයක් ඇති රට සිරියාවයි. පසුගිය දශකය තුළ සරණාගතයන් ලක්ෂ 10 කට වැඩි සංඛ්‍යාවක් නැවත පදිංචි කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.