වනිඳු හසරංග යළි තරග අතරට පිවිසීමට සුදානමින්

Share Button

මේ වනවිට ඔස්ට්‍රේලියාවත් සමග එක්දින තරගාවලියේ 2 ට 1 ක් ලෙස ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව හෙට තරගාවලියේ සිව් වන තරගය සදහා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී යළි තරග අතරට පිවිසෙයි. ඊයේ තරගයේදී ලකුණු 292 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රිී ලංකා ක්‍රීඩකයන්ට ජය ගත හැකි විය. අවසන් තරග දෙකට තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගි විීමේ ඉඩකඩක් ද තිබෙන බව වාර්තා වෙයි. ඔහුගේ සුඵ ආබාධ තත්ත්වය පිළිබඳව ක්‍රිකට් වෛද්‍ය කමිටුව වඩාත් අවධානයෙන් සිටින බව එහි සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කීවේය. ඔහු ඊයේ පුහුණුවීම් සදහාද එක්ව තිබුණි. කෙසේ වුවත් ඉදිරි ලෝක කුසලානයට ක්‍රීඩකයන්ගේ ශාරිීරික යෝග්‍යතාව ඉතා වැදගත් බව අර්ජුන ද සිල්වා මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.