ඉන්දීය පොහොර නෞකාව ලබන 6 වැනිදා කොළඹ වරායට

Share Button

ඉන්දීය රජය ලබා දෙන යුරියා මෙට්ට්‍රික් ටොන් 65 න් දහසක පොහොර තොගය රැගත් නෞකාව ලබන මස 6 වැනිදා වනවිට මෙරටට ළගා වනු ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා කියයි. ඉන් මෙට්ට්‍රික් ටොන් පනස් දහසක් වී වගාව සඳහාත් තවත් දස දහසක් බඩඉරිගු වගාව සඳහාත් ලබාදීමට නියමිතයි. ඉතා ඉක්මනින් එම පොහොර ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවි ජනතාවට බෙදා දීමට අපේක්ෂා කෙරේ. සෑම නිලධාරියෙකුම , සෑම ආයතනයක්ම පෙහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතුය. අක්‍රමිකතාවක් සිදු වුවහොත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කෙරේ. මේ අතර කොලොම්තොට වගා සංග්‍රාමය කොළඹ දස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඇරඹුනු බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදිීප් යසරත්න මහතා පවසයි. රාජ්‍ය , පෞද්ගලික හා ස්වෙච්ඡා කණ්ඩායම් එක්ව මෙය සිදු කරනු ලැබේ. නාගරික හා ග්‍රාමීය කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කරමින් මෙය ක්‍රියාවට නැංවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.