පොදුරාජ්‍ය මණ්ඩලයීය බැංකුවෙන් ශ්රිී ලංකාවට උපකාර කිරීමේ නව වැඩපිළිවෙළක්
වර්තමානයේ මෙරට පවතින දැඩි ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ ශ්රිී ලංකාවට උපකාර කිරීමේ නව වැඩපිළිවෙළක් ඔස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලයීය බැංකුව ආරම්භ කර තිබේ. ඒ අනුව ශ්රිී ලංකාවට මුදල් යැවීමේ දී දැනට අය කෙරෙන ඩොලර් 6 ක මුදල අය නොකරන බව දැනුම් දෙයි. එම මුදල ශ්රිී ලංකාවට උපකාර කිරීමේ අරමුදලකට බැර කෙරේ. නෙට් බෑන්ක් හෝ කොම් බෑන්ක් යෙදවුම් හරහා ඔස්ට්‍රේලියාවේ සිට ඩොලර් ශ්රිී ලංකාවේ ගිණුමකට රුපියල් ලෙස යොමු කිරීමේ දී මෙය ක්‍රියාත්මක කෙරේ. ලබන සැප්තැම්බර් 11 වැනිදා දක්වා මෙම ගාස්තු කපා හැරීම බලාත්මක බව පොදුරාජ්‍ය මණ්ඩලයීය බැංකුව සඳහන් කරයි.