ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති අද දිවයිනට. – හදිසි ආධාරයක් ලෙස ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 50 ක්

Share Button

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ නීල් මහත්මිය අද මෙරටට පැමිණීමට නියමිතයි. පසුගිය සති කිහිපයේ මෙරටින් ඔස්ට්‍රේලියාවට යන සරණාගත බෝට්ටු සංඛ්‍යාව ඉතා ඉහල ගොස් තිබේ. මේ පිළිබඳව මුලිකව අවධානය යොමු කරමින් ඇයගේ මෙම සංචාරය ක්‍රියාත්මක වේ. ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිස් පැවසුවේ බෝට්ටුවලින් පැමිණෙන පුද්ගලයින් ඔස්ට්‍රේලියාවේ පදිංචි නොකරන බවයි. ඒ පිළිබඳ පණිවිඩයක් ශ්‍රිී ලංකාවට ලබාදීම ඔස්ට්‍රේලියානු රජයට අවශ්‍ය බව ඔහු කියයි. දේශසිීමාවලට විධිමත් ආරක්ෂාවක් සැපයීම මගින් මෙවැනි ගමන් නතර කළ හැකිය. ශ්‍රිිී ලංකාවේ ප්‍රශ්න ඇති බව තම රට දන්නා බවත් ඇතැම් ජාවාරම්කරුවන් ජනතාව නොමග යවා මෙවැනි ගමන් සංවිධාන කරන බවත් ඔස්ට්‍රේලියානු අගැමතිවරයා සදහන් කියා සිටිී. ඕ නීල් මහත්මිය මෙම සංචාරයේදි ජනාධිපති , අගමැති මෙන්ම විදේශ ඇමති ද හමු වෙයි. ආර්ථික අරගලය තුල ශ්‍රිී ලංකාවට සහාය විය හැකි ආකාරය ද ඇය මෙහිදි සාකච්ඡා කරනු ඇත.
මේ අතර මෙරටින් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් සිටි තවත් 23 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණියේය. ඉකුත් මැයි 27 වැනිදා කොස් වාඩිය ප්‍රදේශයේ බහුදින ධීවර යාත්‍රාවක් මගින් මොවුන් ඔස්ට්‍රේලියාවට ගොස් තිබුණි. ඔවුන් සමග ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල 50 ක භට පිරිසක් ද පැමිණ සිටියහ.
මේ අතර ශ්‍රිී ලංකාවට හදිසි ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ඩොලර් මිලියන 50 ක් ලබාදී තිබේ. මින් ඩොලර් මිලියන 22 ක් මෙරට කටයුතු සඳහා ලෝක ආහාර වැඩසටහනට ලබාදීමට නියමිතයි. 2022-23 සඳහා සංවර්ධන ආධාර ලෙස තවත් ඩොලර් මිලියන 23 ක් පිරිනැමේ. ඔස්ට්‍රේලියාව ශ්‍රීී ලංකාව වෙනුවෙන් ජගත් සංවිධානයට මෑතක දී ඩොලර් මිලියන 5 ක්ද ලබා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.