අරගලයේ පිරිසක් මුදල් අමාත්‍යංශය අසල කළහකාරී ලෙස හැසිරෙමින් රටට ඩොලර් ලැබීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ උත්සාහයක.- 21 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
ගාලු මුවදොර , ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයේ ලෝටස් මාවත පිවිසුම අවහිර කළ සැකකරවැන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. බෞද්ධ භික්ෂුවක් , කාන්තාවෝ සිව් දෙනෙක් , පිරිමි අය 16 දෙනෙක් ඒ අතර වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැනටත් ක්‍රියා කර තිබෙ. කොටුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ගාලු මුවදොර අරගල භුමියේ සිටින විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයට ඇතුළු වන සියලුම පිවිසුම්වලට බාධා වන අයුරින් ක්‍රියා කළ බව පොලිසිය සඳහන් කරයි. අද අලුයම එම පිරිස ජනාධිපති කාර්යාලයට ඇතුළු වන ඉතිරි ගේට්ටු දෙක ද අවහිර කරමින් කූඩාරම් ඉදිකර තිබුනි. ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාමේ දී නොසන්සුන්කාරි තත්ත්වයක් ද ඇති වුනි.