අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අගමැති සමග සාකච්ඡා කරයි

Share Button

අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ නියෝජිතයෝ පිරිසක් දැන් දිවයිනට පැමිණ සිටිති. එම ආයතනයෙන් ලබා ගැනිීමට නියමිත අරමුදල් සම්බන්ධයෙන් දැනට කෙරෙන සාකච්ඡා පුඵල් කිරීම ඔවුන්ගේ පැමිණිීමේ අරමුණයි. ඔවුන් ජනාධිපති , අගමැති , මුදල් අමාත්‍යංශ නිලධාරීන් මෙන්ම මහබැංකුවේ නිලධාරීන් ද මුණගැසෙනු ඇත. අද පෙරවරුවේ 10 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරත වුහ. ලබන 30 වැනිදා තෙක් ඔවුහු මෙරට රැඳී සිටිති. මේ අතර ශ්‍රිි ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එක් කර ගෙන ඇති මුල්‍ය හා නීති උපදේශක සමාගම් වන ලසාඩ් සහ ක්ලිෆර්ඩ් හි නියෝජිතයන් මේ වනවිට සිය කටයුතු ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යංශය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.