ශ්‍රිී ලංකාවේ කිරි නිෂ්පාදනයට ඇමරිකවේ සහය

Share Button

ශ්‍රිී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකාව ඩොලර් දෙකෝටි 70 ලක්ෂයක් පිරිනමයි. ඊට අදාල ගිවිසුමට පසුගියදා අත්සන් තැබිණි. ශ්‍රිී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මියගේ සහභාගිත්වයෙන් එය සිදු විය. මෙම ආධාරය මෙරට කිරි නිෂ්පාදන කාර්මාන්තයේ සැලකිය යුතු මට්ටමකට ඉහල නැංවීම සඳහා ඉවහල් වනු ඇතැයි තානාපතිනිය එහිදී විශ්වාසය කළාය. ඇමරිකාවේ කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව හා මෙරට කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව අතර එම අවබෝධතා ගිවිසුම අත්සන් තැබිණි. ව්‍යාපෘතියෙන් ශ්‍රිී ලාංකිකයන් 80 දහසක් පමණ ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.