ඇතැම් ඖෂධ සදහා විකල්ප සහ ආදේශක

Share Button

කිසිදු ආකාරයක ඖෂධ හිගයක් රට තුළ ඇති නොවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි. වසර 2024 දක්වා ප්‍රමාණවත් ඖෂධ තොග රටට ලැබී තිබේ.

අත්‍යවශ්‍ය ඖෂධ 14 ක් නොමැති බවට පලවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍යයය. අඩුවක්ව පැවතියේ ජල භීතිකා රෝගයට අවශ්‍ය එන්නත් පමණි. එම එන්නත් 25 දහසක් හෙට දිවයිනට ලැබීමට නියමිත බව කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය. තවත් එම එන්නත් ලක්‍ෂයක් ලබන පළමුවැනිදා රැගෙන ඒමට නියමිතව තිබේ.

ඇතැම් ඖෂධ සදහා විකල්ප සහ ආදේශක ඖෂධ වර්ග භාවිත කෙරේ. එබැවින් ඖෂධ නොමැතිව රෝගියෙකු මිය යෑමට හෝ අසාද්‍ය වීමට අවස්ථාවක් නැතැද ඔහු පෙන්වා දුන්නේය.

ලෝකයේ බොහෝ රටවල් සහ සංවිධාන රැසක් ඩොලර් කෝටි 44 ක ඖෂධ ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.