පනත් කෙටුම්වත් දෙකක් විවාදයකින් තොරව සම්මත වෙයි
සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත සහ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයකින් තොරව සම්මත විය.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමින් රටේ වත්මන් අර්බුදය අද ඊයේ ඇතිවුවක් නොව මීට වසර දෙකක සිට ආරම්භ වු බව පෙන්වා දුන්නේය. ඊට විසදුම් ලෙස අන්තර්වාර පරිවාස ආණ්ඩුවක් පිහිට වියයුතු බවට යෝජනා කළ බව ඔහු පෙන්වා දුන්නේය.
විපක්ෂ නායකවරයාට එම අන්තර්කාලින ආණ්ඩුවේ අගමැතිකම භාරගන්නා ලෙස දැනුම් දුන්නද ඊට ඔහු අකමැති විය. එබැවින් ජනාධිපතිතුමා පත්කරන අගමැතිවරයාට සහාය දීමට පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රිවරු එකග වු බවද ඔහු කීවේය.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙ. ඊට අදාළව විපක්ෂය ලබාදුන් යෝජනා අනුමත කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධීකරණය දැනුම් දී ඇතැයිද අමාතයවරයා අද පාර්ලිමේන්තුවේදී කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා කතා කරමින් පොදු ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික වාහන හිමියන්ගේ ලිසීං වාරික ගෙවීමේ අපහසුතාවක් ඇතැයි පැවසීය. එබැවින් ඔවුන්ට සහනයක් ලබාදෙන ලෙස ඔහු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.