ගෘහ ආශ්‍රීත විදේශ රැකියා සඳහා වයස් සීමාව සංශෝධනයට
ගෘහ සහ ගෘහ ආශ්‍රීත විදේශ රැකියා සඳහා යොමුවන මෙරට කාන්තාවන්ගේ අවම වයස් සීමාව සංශෝධනය කෙරේ. දැනට පවතින වයස් සීමාව වන්නේ අවුරුදු 21 සිට 25 දක්වාය.
මේ සම්බන්ධයෙන් අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට නියමිතයි. එහි ප්‍රධානත්වය අධිකරණ අමාත්‍යවරයා දරනු ලැබේ. අදාළ නිර්දේශ සැලකිල්ලට ගෙන මෙම වයස් සීමා සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.