ඉන්ධන හිගය කෘෂි නිෂ්පාදනවල මිල ඉහළයාමට යම් බලපැමක් – ඇමති බන්දුල ගුණවර්ධන

Share Button

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා  රටතුළ පවතින ඉන්ධන හිගය කෘෂි නිෂ්පාදනවල මිල ඉහළයාමට යම් බලපැමක් සිදුකර ඇති බවයි. එමෙන්ම පවතින ඉන්ධන සහ ගෑස් හිගය විසදීම සදහා ගතහැකි සෑම පියවරක්ම ගෙන තීබේ. අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන එකතු කිරීම නවත්වන ලෙසයි. ඉන් සිදුවන්නේ රට තව තවත් ගැටලුකාරී තත්ත්වයකට පත්වීමක් බව ඔහු පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවට සහ ජනතාවට සාමුහිකව වගකියනු ලබන අමාත්‍ය මණ්ඩලයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බලතල පැවරෙන අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යෝග්‍ය බව හදුනාගෙන තිබේ. ඒ අනුව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ මුලික කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී ඇත. වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් විධායක ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර යම් බලතුලනයක් ඇති කිරීම මෙහි අරමුණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් විධායක ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල සම්බන්ධයෙන් රට තුළ ආන්දෝලානාත්මක තත්ත්වයක් උද්ගතව පවතී. එමෙන්ම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ පැවැති හිතකර අංගයන් යළි හදුන්වා දෙන ලෙසටද ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සදහා වන මුලික කෙටුම්පත සකස් කර තිබේ.

ආහාර අර්බුදයට මුහුණදීම සදහා අලුතින් වගා කිරීමට සැලසුම් කළ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් හාරලක්‍ෂ 75 දහස දක්වා වැඩිවී ඇතැයි ද ඒ මහතා සදහන් කරයි. හෙක්ටයාර් දෙලක්‍ෂ 75දහසක් වගා කිරීමට කලින් සැලසුම් කර තිබිණි. අමාත්‍ය මණ්ඩල තිර්ණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික්ටොන් 65දහසක් ලබා ගැනීම සදහා ගිවිසුම්ගතවී අවසන් බවයි. රටතුළ ආහාර අර්බුදයක් ඇතිවීමට තිබු අවදානම යම් මට්ටමකින් අඩුවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.