සමගි ජන බලවේගය සහ ජාතික ජනබල වේගය පාර්ලිමේන්තු වර්ජනයක

Share Button

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ජනතාව වර්තමානයේ දැඩි පීඩාවෙන් පසුවන බවයි. පෞද්ගලික කර්මාන්ත ශාලා වැසී ගොස් ඇති අතර රාජ්‍ය සේවකයන්ද අසීිරුතාවට පත්ව ඇත. සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කඩාවැටී තිබේ. පවතින මෙම ගැටලුවලට පාර්ලිමේන්තුවෙන් නිසි විසදුම් නොලැබෙන නිසා මේ සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්‍ෂ නායකවරයා කීවේය. පක්‍ෂ 11ක් විසින් වත්මන් අර්බුදය විසදුම් යොජනාවලියක් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා එහිදී පැවසීය. එහෙත් වත්මන් අගමැතිවරයාට පවතින ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට නොහැකිවී තිබේ. වර්තමානයේ රටේ ප්‍රධානම සතුරා ආර්ථික අර්බුදයයි. ඊට වගකීමෙන් මුහුණ දිය යුතුය. එමෙන්ම ප්‍රශ්නවලට විසදුම් සැපයීම සදහා ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළින් බලපෑම් කරන බව වීරවංශ මහතා සදහන් කළේය. පාර්ළිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් පාර්ලිමේන්තුව රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු නොකරන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි කීවේය. ඉන්ධන අර්බුදයට තවමත් විසදුම් නොමැති බවද ඔහු කීය. පාර්ලිමේන්තු රැස්වීම් තුළින් රටේ ප්‍රශ්නවලට විසදුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවසීය. එබැවින් පාර්ලිමේන්තුව රැස් නොවී ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් සෙවිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.