ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයක්
ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට සභාග රජය තීරණය කර තිබේ. ඒ සදහා ඡන්දයක් පැවැත්වීමට නියමිතයි. මේ වසර අගදී මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව ඉන් සැලසේ. සභාග රජයේ අභ්‍යන්තර බෙදීම් සහ දේශපාලන ගැටලු මෙම තත්ත්වයට හේතුවී ඇත. මහ මැතිවරණයක් පැවැත්වුවහොත් වසර 3ක කාලයක් තුළ එරට පැවැති 5 වන මැතිවරණය බවට එය පවත් වෙයි. ඊශ්‍රායල සභාග රජය පිහිටුවනු ලැබුවේ මීට වසරකට පෙරයි.