විදේශ කටයුතු ඇමතිවරයා යුරෝපා ආසියා සහ අප්‍රිකානු රටවල් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමේ සූදානමක
ඇමති ජී එල් පිරිස් මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝජනය කරමින් මේ සඳහා එක්වෙයි. අද ඇරඹෙන සමුළුව ලබන 25 වැනිදා දක්වා රුවන්ඩාවේ කිගාලි නුවරදී පැවැත්වෙයි. පොදු අනාගතයක් ලබාදීම සම්බන්ධ කිරිම නවෝත්පාදනය සහ පරිවර්තනය යන්න මෙවර එම සමුළුවේ තේමාවයි. සමුළුවට අමතරව ඇමතිවරයා යුරෝපා ආසියානු සහ අප්‍රිකානු රටවල් කිහිපයක් සමග සාකච්ඡා පැවැත්විමට ද නියමිතයි.