කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත වේ

Share Button

කාර්මික ආරවුල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදි සම්මත විය. ඇමති මනුෂ නානායකාර මහතා එය ඉදිරිපත් කලේය. එහිදි ඔහු පැවසුවේ කම්කරු නඩු 16000 ක් පමණ මහේස්ත්‍රාත් අධිකරනවල විභාග වෙමින් පවතින බවයි. කම්කරු විනිශ්චය සභාවලට ඒවා විසඳීමට අවශ්‍ය බලතල මෙම පනතින් හිමිවේ. ඒ අනුව කම්කරු වන්දි ලබාගැනිම කඩිනම් වනු ඇත.

විගමනික ප්‍රේෂණ මෙරටට ලැබිමේ වැදගත්කම ද නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් විරසේකර මහතා අදහස් දක්වමින් සඳහන් කලේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කිරිම ඉතා සැලකිලිමත්ව කල යුත්තක් බවයි. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව තමන් ඡන්දය ප්‍රකාශ කරන බව ද ඔහු කිය.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුලින් පාර්ලිමේන්තුව බල කේන්ද්‍රයක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.

21 වැනි සංශෝධනය තුලින් සිදුකිරීමට නොහැකි දේ විපක්ෂය ඉදිරිපත්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සි දොලවත්ත මහතා ප්‍රකාශ කලේය. ජනමත විචාරණයකට නොයා සංශෝධන සිදුකිරීමේ වැදගත්කමත් හෙතෙම පෙන්වා දුන්නේය.

21 වැනි සංශෝධනයට විරු්දධ විමෙන් සමාජය තවත් අසිරුතාවන්ට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජයරත්න හේරත් මහතා ප්‍රකාශ කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.