ඔස්ට්‍රේලියාවට ලකුණු 259 ඉලක්කයක්
ශ්‍රි ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර හතරවැනි එක්දින තරගය දැන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වේ. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තිරණය කලේය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රි ලංකා පිල පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 258 ක් ලබා සිටියේය. චරිත් අසලංක ලකුණු 110 යි. පන්දුවාර 10 ක් වන විට කඩුලු 03 ක් ම බිඳ වැටීම මත ලකුණු රැස්කිරීමේ අසිරුතාවට මුහුණ දීමට ශ්‍රි ලංකා කණ්ඩායමට සිදුවිය.