රුසියාව හා යුක්රේනය ඉදිරි යුධ මෙහෙයුම්වලදී නව අත්හදා බැලීම් කිහිපයක්

Share Button

රුසියාව යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා අලුතින් අත්හදා බැලිම් කිහිපයක් සිදුකරනු ඇතැයි වාර්තා වේ. සර්මාර්ට් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල මේ වසර අවසන් විමට පෙර රුසියානු හමුදාව යුක්රේනයට එරෙහි ප්‍රහාර සඳහා යොදා ගැනිමේ සුදානමක් පවතී. රුසියානු හමුදාව සෙවෙරොඩොනෙට්ස්ක් ප්‍රදේශයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස තීව්‍ර කර ඇතැයි ද විදෙස් වාර්තා අනාවරණ කරයි.

මේ අතර යුක්රේන හමුදා කෙර්සන්හි දකුණු ප්‍රදේශය නැවත අත්පත් කරගැනිමේ උත්සාහයක යෙදී සිටිී. යුක්රේන හමුදාවේ ප්‍රතිප්‍රහාරයන් වැලැක්විම සඳහා රුසියානු හමුදාව සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදාගැනීමේ අවදානම පවතින බව යුක්රේන ආරක්ෂක අංශ හෙළිකරයි. අමෙරිකාවෙන් යුධ ආධාර ලෙස ලද එම් ෆෝ රයිෆල් සිය ක්‍රියාන්විතයන් සඳහා අත්හදා බැලිම යුක්රේන හමුදාව මේ වන විට සිදුකරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.