අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් ලක්ෂ 50 ක පරිත්‍යාගයක්
එක්සත් ජනපදය ශ්රීී ලංකාවට තවත් ඩොලර් ලක්ෂ 50 ක පරිත්‍යාගයක් කිරීමට ඉදිරිපත්ව සිටී. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනය එම මුදල පිරිනමයි.
එක්සත් ජනපදය පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පිරිනැමීමට එකග වු ඩොලර් ලක්ෂ 60 ට අමතරව එය පිරිනැමීම විශේෂත්වයකි. අඩු ආදායම්ලාභි ප්‍රජාවට ඍජුවම සැපයීම සඳහා එම ප්රදානය පිරිනමන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය කියයි. කෙටි කාලීන රැකියා අහිමි වු සහ අර්බුදයෙන් පිීඩාවට පත් ජනතාවගේ මුලික අවශ්‍යතා සපුරාලීමට මෙන්ම කෘෂි කර්මාන්තය වෙනුවෙන් එම මුදල පිරිනැමේ.