ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා
වත්මන් ඩොලර් අර්බුදයට ඇති එකම විසදුම විගමණික සේවකයනගේ ප්‍රේෂණ රටේ බැංකු ක්‍රමය මගින් රටට ගෙන්වා ගැනීම බව ඇමති මනුෂ නානායක්කාර මහතා කියයි. ඉහළ වැටුප් සහිත විදේශ රැකියා සදහා මෙරට ශ්‍රමිකයන් යොමු කිරීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සකස් කෙරෙමින් පවතී. ඒ අනුව ජපානය වැනි රටවලින් මෙරට ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා උදාකර ගැනීම අරමුණයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනටමත් ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේ වැඩපිළීවෙළක් ආරම්භ කර තිබේ. එහිදී කිසිදු අතරමැදියෙකුට මුදල්දීමේ අවශ්‍යතාවක් නැතැයි පවසන ඇමතිවරයා රැකියා සපයන බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයන්ට හසු නොවන්නැයි ජනතාවට දැනුම් දෙයි.