බංග්ලාදේශයේ ගංවතුරෙන් ලක්ෂ 3 ක් අවතැන්
බංග්ලාදේශයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර හේතුවෙන් ලක්ෂ 3 කට අධික පිරිසක් අවතැන් වෙති. මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 32 කි. ලක්ෂ 40 කට අධික පිරිසක් ගංවතුරෙන් කොටුවී සිටින බව වාර්තා වෙයි.
අගමැතිනි ෂික් හසිනා වජීඩ් මහත්මිය ඊයේ ගංවතුර බලපා ඇති ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වුවාය. ප්‍රාදේශීය බලධාරීන් හමුවු ඇය පිඩාවට පත්වුවන් සදහා ක්‍රියාත්මක මානුෂීය ආධාර වැඩපිළිවෙල පිළිබඳවද සොයා බැලුවාය.