ඉලක්කය අපනයන ආර්ථිකයක් බව අගමැති පවසයි

Share Button

වත්මන් රජය නව ලාංකීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ප්‍රවේශ වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුවේදි අද විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා පැවසුවේ අපනයන ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්කය බවයි. රට ගොඩගැනිම සදහා එකම ආරක්ෂීත මාර්ගය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනිමයි. ඊට පරිබාහිර මාර්ගයක් අප සතුව නැතැයි අග්‍රාමාත්‍යවරයා කිවේය.

කඩාවැටුණු ආර්ථිකයක් ගොඩනැගිම පහසු නොවේ. එහෙත් ඒ සදහා ප්‍රවිශිෂ්ට වි ඇත. තෙල් සංස්ථාව ඩොලර් මිලියන 700 ක් ණය වී තිබෙ. ඉන්දිය රජයේ උසස් නිලධාරීහු තිදෙනෙක් තවදුරටත් මෙරටට ණය ආධාර ලබාදිම සදහා සාකච්ඡා කිරිමට දිවයිනට පැමිණෙති. ඉන්දියාව, ජපානය හා චීනය සමග ආධාර සමුළුක් පැවැත්විමට කටයුතු කෙරේ. සාම්ප්‍රදායික දේශපාලනයෙන් අප ඉවත් විය යුතුය.

21 වන ව්‍යවස්ථා සංශෝධනය නොබෝදිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අසීරු තත්ත්වයෙන් රට ගොඩ ගැනිම සදහා සියලු එක්විය යුතු බව වික්‍රමසිංහ මහතා පැවසිය. ශක්තිමත් ආර්ථියක් ඇතිකොට මැතිවරණයකට යාමට අවස්ථාව පවති.

ලබන අගෝස්තු මාසයේදී අන්තර්කාලීන අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැතිවරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.