නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට
නව මැතිවරණ ක්‍රමය සකස් කිරිම සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. එම තේරීම් කාරක සභාවේ සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එය ඉදිරිපත් කරමින් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 කගෙන් සමන්විත කේවල සහ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් මෙමගින් යෝජනා කර ඇති බවයි.
කාන්තා නියෝජනය මෙන්ම තරුණ නියෝජනයට අවස්ථාව ලබාදීම සදහා යෝජනා ඉදිරිපත් කර ඇත. මැතිවරණ වියදම් පාලනය කිරිමට ද මෙමගින් යෝජනා ඉදිරිපත් කර ඇතැයි ගුණවර්ධන මහතා පැවසිය. එමෙන්ම ක්ෂේත්‍ර නිලධාරින්ට පළාත් පාලන මැතිවරණයට තරග කිරිමේ අවස්ථාව ද මෙමගින් උදාවෙයි.