රාජ්‍ය සේවකයන්ට විදෙස් ගතවීමට අදාළ චක්‍රලේඛය අන්තර්ජාලයට
රාජ්‍ය සේවකයන් විදෙස් ගතවීමට අදාළ චක්‍රලේඛය අන්තර්ජාලයට යොමු කෙරේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදි සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගෙන් ලැබුණු විශාල ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගයට එළඹි බවයි,
WWW.gov.lk වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගත හැකිය. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට හෝ ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි වසර පහකට විදෙස් ගත වීමට මෙමගින් අවස්ථාව උදාවෙයි. මෙය රජය මගින් රාජ්‍ය සේවකයන් විදෙස් රැකියාවලට යොමු කරන වැඩපිළිවෙළක් නොවේ. විදෙස් ගත වී රැකියාවක් කිරිමට කැමති රාජ්‍ය සේවකයන්ට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි.
පරිවාස කාලය ගත කරන රාජ්‍ය සේවකයන්ටද විදෙස්ගත වීමේ අවස්ථාව හිමිවෙයි. විදෙස් ගත වී යළි පැමිණිමෙන් පසු ඔවුන්ට පරිවාස කාලය සම්පුර්ණ කළ හැකිය. මාණ්ඩලික නිලධාරින්ට හා රජය වියදම් කර පුහුනුව ලැබු නිලධාරින්ට මේ යටතේ විදෙස් ගත විමට අවස්ථාව හිමි නොවේ.
කම්කරු අමාත්‍යංශයෙන් විදේශ රැකියා පුරප්පාඩු පවතින රටවල් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව මායාදුන්නේ මහතා පැවසිය.