වයස අවුරුදු 15 ට වැඩි සැමට ඩිජිටල් හැදුනුම්පතක්
වයස අවුරුදු 15 ට වැඩි සියලු පුරවැසියන්ට ඩිජිටල් හැදුනුම්පතක් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සුදානම් වෙයි. සාමාන්‍ය ජීව දත්තවලට අමතරව ඇගිලි සළකුණ. රුධිර වර්ගය ඇතුඵ ජීව විද්‍යාත්මක තොරතුරු ද ඊට ඇතුළත් කෙරේ. වසර එකහමාරක් තුළ එක්කෝටි 70 ලක්ෂයකට මෙම නව හැදුනුම්පත නිකුත් කිරීම ඉලක්කය බව පුද්ගලයනක් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා කියයි. ඉන්දිය ආධාර ක්‍රමයක් යටතේ නව හැදුනුම්පත නිකුත් කෙරේ. ඊට මෘදුකාංග පද්ධතිය නිර්මාණය කිරීම දැන් සිදුවෙයි.