බස් ධාවනය සාමාන්‍ය අතට
පසුගිය දිනවල පෞද්ගලික බස්රථ ධාවනයේ අඩුවක් පැවතිය ද ඊයේ බස්රථ දසදහසකට ආසන්න සංඛ්‍යාවක් දිවයිනපුරා ධාවනයට එක්කර තිබු ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. එය සමස්ත බස්රථ සංඛ්‍යාවෙන් සියයට 75 කි. පෞද්ගලික බස්රථවල ඉන්ධන ගැටඵව මේ වනවිට විසදි ඇතැයි ඔහු සදහන් කළේය.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසන්නේ ලංගම බස්රථ ධාවනයට කිසිදු ගැටඵවක් නැති බවයි. පෞද්ගලික බස්රථ හා පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථවලට ද ලංගම ඉන්ධන සපයයි.