ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරගය අද
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පස්වන හා අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්රිඩාංගනයේදී අද පැවැත්වෙයි. මෙතෙක් පැවති තරග හතරෙන් තුනක්ම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එක්දින තරගාවලියේ ජය අත්කර ගෙන සිටි. තරගය පස්වරු 2.30 ට ඇරඹෙයි. ඒ පිළිබඳ සජිවි විස්තර ප්‍රචාරයක් ක්‍රිඩා ලෝලීන් වෙත ගෙනඒමට ජාතික ගුවන් විදුලියේ ක්‍රිඩා විකාශනය සුදානමින් සිටි.
සංචාරක ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්සේ තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්රිඩාංගනයේදී හෙට පැවැත්වෙයි. කණ්ඩායම් දෙක අතර පැවති පලමු පන්දුවාර විස්සයි විස්ස තරගයේ ජය ඉන්දිය කාන්තා කණ්ඩායමට හිමි විය.