ජනතාවගේ පෝෂණ මට්ටම පිළිබඳව දිපව්‍යාප්ත සමීක්ෂණයක්
ජනතාවගේ පෝෂණ මට්ටම පිළිබඳව දිපව්‍යාප්ත සමීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. යුනිසෙප් සංවිධානය සිදුකළ සමීක්සණයකට අනුව මෙරට සෑම පවුල් 10 කින් 07 ක්ම තම දෛනික ආහාර වේල සංඛ්‍යාව අඩුකර ඇති බව හෙලිවී ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. ආහාර වේලේ ගුණාත්මක බවද අඩුකර තිබේ. සමස්ත ජනගහනයෙන් සියයට 26 කට මෙම තත්ත්වය ප්‍රබල ලෙස බලපා තිබේ. මෙරට ළමා ජනගහනයෙන් ලක්ෂ 15 කට වැඩි පිරිසක් පෝෂණ ඌනතාවලට මුහුණදී සිටිති. මන්දපෝෂණය හේතුවෙන් දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩාල වෙයි. හෘද වකුගඩු ආදි රෝගවලට ද එමගින් මග හෙලි වෙයි. මෙම තත්ත්වයට කඩිනම් විසදුම් සෙවිය යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කරයි.