ලබන සතියේ පාසල් පැවැත්වීම පිළිබඳව තීරණය සතිඅන්තයේ

Share Button

ලබන සතියේ පාසල් පැවැත්වීම පිළිබඳව සතිඅන්තයේදී තීරණය කරන බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි. සංඛ්‍යා ලේඛණ සසඳා බලා එම තීරණය ගැනෙනු ඇත. ප්‍රවාහන ගැටඵ නොමැති ග්‍රාමීය ප්‍රදේශවල ගුරුවරුන් හා දරුවන්ගේ පාසල් පැමිණිම මේ සතියේ යහපත් මට්ටමක පැවතින. දිවයිනපුරා පාසල් දසදහස් 193 ක් අතුරින් පාසල් 9567 ක් මේ සතියේ ක්‍රියාත්මක විය. 2020 / 2021 වසරවලදී පාසල් දින ගණනාවක් දරුවන්ට අහිමිවු බවත්. මාර්ගගත අධ්‍යාපනය ග්‍රාමීය ප්‍රදේශවල සාර්ථක නොවු බව අධ්‍යාපන ඇමතිවරයා සදහන් කරයි. මෙවර අපොස උසස් පෙළ විභාගය කල් දැමිමට සිදුවනු ඇතැයි පවසයි. සුසිල් ප්‍රේමජයන්ත මහතා එම දරුවන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මගින් විශේෂ සැසි පැවැත්වීම කෙරෙහි අවධානය යාමුවී ඇතැයි සදහන් කරයි. වසර අවසන් වනවිට අත්‍යවශ්‍ය ඉගෙනුම් ඒකක ආවරණය කර ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද සැලසුම් සකස් කෙරෙමින් පවති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.