ඇෆ්ගනිස්ථානයේ භුමි කම්පාවෙන් වැඩි පිරිසක් පිඩාවට

Share Button

දරුණු භුමි කම්පාවෙන් පසු ඇෆ්ගනිස්ථානයේ විශාල පිරිසක් හිසට සෙවනක් නොමැතිව පසුවන අතර ආහාර හිගයකට ද මුහුණදී සිටිති. භුමිකම්පාව සිදුවු ප්‍රදේශයේ කොළරාව පැතිරයාමේ අවදානමක් මතුවී තිබේ. භුමිකම්පාවෙන් විපතට පත්වුවන්ට සහන සැලසිම සදහා තලේබාන් පාලකයන් ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබේ. විනාශවු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී ඇති පිරිස් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි. ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවක් වෙසෙන පැක්ටිකා ප්‍රදේශය භුමි කම්පාවෙන් වැඩිම පිඩාවට ලක්වු ප්‍රදේශයයි. එහි ජනතාවට සහන සැලසිම සැබැවින්ම අසිරු කටයුත්තක් බවට පත්ව ඇතැයි ඇෆ්ගනිස්ථාන පාලකයෝ පවසති. ලෝක සෞඛ්‍ය සංවිධානය හා තවත් ජාත්‍යන්තර සංවිධාන රැසක නියෝජිතයෝ දැනටමත් එම ප්‍රදේශයට පැමිණ සිටිති. වෛද්‍යවරුන්. හදිසි කාර්ය මණ්ඩල හා ස්වේච්ඡා කණ්ඩායම් රැසක් මේ වනවිට එහි යවා තිබේ. විපතට පත්වුවන්ගේ පවුල්වලට වන්දි පිරිනැමිම සදහා ලෝකයේ සියලු රටවලින් හා අන්තර්ජාතික සංවිධානවලින් ආධාර අපේක්ෂා කරන බව තලේබාන් රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.