22 වන සංශෝධනය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි. අනතුරුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අධිකරණ අමාත්‍යවරයා එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. එම සංශෝධන පනත් කෙටුම්පතට පසුගිය 20 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැසවීවේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබිණි.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සකස් කර තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකුල නොවන බවට නීතිපතිවරයාද තහවුරු කර ඇත.