ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ලගදීම පාර්ලිමේන්තුවට

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ඇමති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා කියයි. එම සංශෝධනය සඳහා පසුගියදා ඇමති මණ්ඩල අනුමැතිය ලැබිණි.

පණත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර දින 7 ක් තුළ පාර්ළිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරේ.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා පැවසුවේ ව්‍යවස්ථා සංශෝධනයේ අංකය පිළිබඳව ජනතාවට ගැටලුවක් පවතින බවයි. සමගි ජන බලවේගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස තමා 22වන සංශෝධනය ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළේය.

විපක්‍ෂය ඉදිරිපත් කළ සංශෝධනයේ සෑම වගන්තියක්ම නීතියක් බවට පත්වන්නට ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයෙන් පිළිගෙන ඇති දුෂණ වැළැක්වීමේ ප්‍රඥප්තියට අදාළ වංචා වැළැක්වීමේ ආඥා පනත සම්මත කිරීමට ඇමති මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයිද ඇමති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...