නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම ලබන 20 වැනිදා

Share Button

නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම ලබන 20 වැනිදා සිදුකෙරේ. ඒ සදහා එදින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.

නාමයෝජනා භාර ගැනීම ලබන 19 වැනිදා සිදුවෙයි. ඊයේ පැවැති පක්‍ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් මහතා මාධ්‍යයට මෙම තොරතුරු හෙලි කළේය.

වත්මන් ජනාධිපතිවරයා ඉල්ලා අස්වී දින දෙකකට පසුව එනම් ලබන සිකුරාදා පාර්ලිමේන්තුව කැදවීමටද පක්‍ෂ නායකයෝ තීරණය කළහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම, ඩිලාන් පෙරේරා, ටිරාන් අලස්, ඩලස් අලහප්පෙරුම, මනෝ ගනේ්ෂන්, ලක්‍ෂමන් කිරිඇල්ල, රිෂාඩ් බදියුදීන්, උදය ගම්මන්පිල යන මහත්වරු සහභාගී වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...