ජනපතිට රටින් පිටවීමට ගුවන් හමුදා යානයක් ලබාදීම ව්‍යවස්ථානුකුලව සිදුවුවක් බව ගුවන් හමුදාව කියයි
ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම සදහා ගුවන් හමුදා යානයක් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රෙගුලාසිවලට අනුව සිදුවුවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහන් කරයි. අදාල ගුවන් යානය ආරක්ෂක අමාත්‍යංශයේ පුර්ණ අනුමැතියට යටත්ව කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන රේගු සහ අනෙක් සියලුම නීතිවලට අනුව ගුවන් තොටුපලින් පිටත්ව ගිය බවද ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම එම යානාව තුළ ජනාධිපතිවරයා ඔහුගේ බිරිඳ සහ තවත් ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු පමණක් ගමන්ගත් බවද එහි දැක්වෙයි.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට රටින් පිටවීමට පහසුකම් සැලසු බවට පළවන වාර්තා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. එය පදනම් විරහිත සහ අසත්‍ය වාර්තාවක් බවද එම මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.