වත්මන් වැඩබලන ජනපතිවරයාට ද ජනපති ධුරය සඳහා නාමයෝජනා ලබාදිමට අයිතියක් ඇති බවට පෙන්වා දිමක්
වත්මන් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා තෝරාපත් කරගැනිම සඳහා පැවැත්වෙන ඡන්ද විමසුම සඳහා සිය නම ද යෝජනා කිරිමට අයිතියක් ඇතැයි ජනාධිපති නිතිඥ යු ආර් ද සිල්වා මහතා පෙන්වා දෙයි.
තාවකාලිකව ජනාධිපති ධුරයේ වැඩබැලිම මෙන්ම ඉදිරියේදි පාර්ලිමේන්තුවෙදි පැවැත්වෙන ඡන්දයෙන් තේරිපත්ව ජනපති ධුරය හෙඹවීමට ඔහුට අවස්ථාව පවති. වර්තමානයේ ඇතැම් පුද්ගලයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැරදි ලෙස අර්ථකතනය කිරිම මගින් භයාන ගැටලු නිර්මාණය විය හැකි බවද සිල්වා මහතා පෙන්වා දෙයි.