ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වු බව පාර්ලිමේන්තුවට නිවේදනය කෙරේ

Share Button

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්විය. එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වු බව තමන් වෙත ලිඛිතව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 38 1 ආ ව්‍යවස්ථාව ප්‍රකාරව එම ඉල්ලා අස්විම හේතුකොට ගෙන ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වි තිබෙන බව 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනිමෙ විශේෂ විධිවිධාන පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා අද පාර්ලිමේන්තුවට නිවේදනය කලේය. ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්විමේ ලිපිය හෙතෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. මහා ලේකම්වරයා එය සභාවට ද ඉදිරිපත් කලේය. ඒ අනුව අද සිට පැය 48 කට නොඅඩු කාලයකදි හා දින 7 කට නොවැඩි කාලයක් තුල ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගත යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් නිවෙදනය කරනු ලැබිීම සිදුවිය

නාමයෝජනා බාරගැනිම සම්බන්ධයෙන් වන පනතට අදාලව කරුණු ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දැනුම්වත් විම සදහා ඉදිරිපත් කරන ලදි.

ජනධිපතිවරයෙකු තෝරාපත් කරගැනිම සදහා ලබන 19 වන දා පෙරවරු 10 ට පාර්ලමේන්තුව රැස්විමට නියමිතය. ජනාධිපති ධුරය සදහා නාමයෝජනා ඉදිරිපත් කිරිමට එදිනට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අවස්ථාව හිමිවෙයි. තරග කරන අදාල මන්ත්‍රිවරුන් නාම යෝජනා බාරදිම සදහා පාර්ලිමේන්තුවට පැමිණ සිටිය යුතුය. ඡන්ද විමසුම ලබන 20 වැනිදා පැවැත්වෙන බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...