ස්පාඤ්ඤයේ ලැව් ගිනි නිසා දුම්රිය ගමනාගමන බාධා

Share Button

ස්පාඤ්ඤයේ පැතිර යන ලැව් ගිනි නිසා දුම්රිය ගමනාගමන කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට එරට බලධාරීහු තීරණය කරති. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ මගීන් සහිතව ගමන් කරමින් තිබු දුම්රියක් ගිනිදැල්වල බලපෑමට ලක්වීම නිසා අතරමග නතර කර දැමීමට ද සිදුවු බවයි.
මේ අතර බටහිර යුරෝපය වඩාත් උණුසුම් උෂ්ණත්වයකට අද මුහුණ දෙනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් රාජධානියට එය වඩාත් ප්‍රබල ලෙස බලපානු ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. ප්‍රංශය පෘතුගාලය ස්පාඤ්ඤය සහ ග්‍රීසිය යන රටවල දහස් ගණනක ජනතාවකට ලැව් ගිනි නිසා සිය නිවාසවලින් ඉවත් වීමට සිදුවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...