අත්හිටුවනු ලැබු තැපැල් භාණ්ඩ භාරගැනිම යළි ඇරඹේ
ශ්රි ලංකාවට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීම හා සීමා කිරීම නිසා රටවල් කිහිපයකට අත්හිටුවනු ලැබු තැපැල් භාණ්ඩ භාරගැනිම දැන් යළි ආරම්භ කර ඇත. ඒ අනුව අමෙරිකාව නෙදර්ලන්තය සහ ඊශ්රායලයට යැවීමට ඇති භාණ්ඩ භාරගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.