සියලු පක්‍ෂවල නියෝජනය සහිත නව අමාත්‍ය මණ්ඩලයක්

Share Button

ජනපති තේරීමේ ඡන්ද විමසීමෙන් ජනතා මතය පිළිබිඹු වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පක්‍ෂය ගන්නා වූ තීන්දු තීරණවලට තමාගේ එකගතාව හිමිවන බවසයි.  කුමන ආණ්ඩුවක් පත්වුවත් ජනතාවට සේවය කළ යුතුයැයි රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්‍ෂ මහතා සඳහන් කළේ සියලු පක්‍ෂවල සහභාගීත්වයෙන් අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීම ජනාධිපතිතුමාගේ අරමුණ බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සියලු පක්‍ෂවල සහාය ලැබී ඇත. හිටපු ජනාධිපතිතුමා ඊට අතුරු විධාන කිහිපයක් ද ඇතුළත් කළේය. පාර්ලිමේන්තු කාල සීමාව සඳහා ජනාධිපතිවරයාගේ බලය යම් මට්ටමකට රඳවා ගැනීම එහි ඇතුළත් අතුරු විධාන කිහිපය පාර්ලිමේන්තුවේදී ඉවත් කිරීමේ හැකියාව පවතින බවද විජේදාස රාජපක්‍ෂ මහතා එහිදී සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...