අධික උණුසුම් කාලගුණයෙන් බ්‍රිතාන්‍ය වැසියන් පීඩාවට
අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් හේතුවෙන් බ්‍රිතාන්‍ය වැසියෝ පීඩාවට පත් වෙති. දෙවන ලෝක යුද සමයෙන් පසු ලන්ඩන් ගිනි නිවීම් සේවාවන්ට ඉතා සංකීර්ණ කාල පරිච්ඡේදයක් උදා වී ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි. දිනකදී ගිනිගැනීම් සම්බන්ධයෙන් ඔවුන්ට ලැබෙන පණිවුඩ සංඛ්‍යාව 2600 ඉක්මවා තිබේ.
ලන්ඩන් නගරය ආශ්‍රිතව ගින්නේ විනාශ වූ නිවාස සංඛ්‍යාව 40 කි. ලැව්ගිනි හටගැනීමට ඇති අවදානම හේතුවෙන් ග්‍රාමීය ජනතාවට දැනුම් දී ඇත්තේ නිවසින් පිටවී යාමට සූදානමින් අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කර තබා ගන්නා ලෙසයි. පසුගිය දින කිහිපයේදී ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් කොටුපල ආශ්‍රිතව උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබිණි.