පකිස්ථාන රුපියල ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස අවප්‍රමාණ වෙයි
පකිස්ථාන රුපියල වාර්තා ගත ලෙස අවප්‍රමාණය වී ඇතැයි පකිස්ථාන රාජ්‍ය බැංකුව සඳහන් කරයි. පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ එරට රුපියල ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස පහත වැටී තිබෙ.් මෙම තත්ත්වය පිළිබඳව අගමැති ෂභාස් ෂරීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේ දී සාකච්ඡා විය. එබැවින් ලබන මාසයේදී ඩොලරයට සාපේක්ෂව පකිස්ථාන මුදල් ඒකකය ස්ථාවර කිරීමට ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ගනිමින් සිටී. වේගයෙන් ඉහල නගින උද්ධමනය හමුවේ රටේ විදෙස් සංචිත ඉහල නංවා ගැනීමට පකිස්ථානය මිත්‍ර රටවලින් ඩොලර් බිලියන 4 ක් අපේක්ෂා කරයි. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන ද යලි සක්‍රීය වී ඇත. මේ වනවිට එරට උද්ධමනය සියයට 45 කින් ඉහල ගොස් තිබේ.