බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
අවධානය පිණිසයිදේශීය පුවත්

පෞද්ගලික බස් රථ සියයට 50 ක් අද ධාවනයට

Share Button

පෞද්ගලික බස්රථවලින් සියයට 50 ක් පමණ අද දිනයේ ධාවනයට එක්වනු ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මේ වන විට පෞද්ගලික බස්රථ වලින් සියයට 75 කට පමණ ඉන්ධන ලැබී තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ වෙතින් එම බස්රථ සදහා ඉන්ධන ලබා දීම සිදු කෙරේ. ඒ අනුව ඉදිරි දිනවලදී සියලුම බස් රථ ධාවනය කිරීමේ හැකියාව ලැබෙනු ඇත. කාර්යාල සේවා බස් රථ ධාවනය ද සිදු කිරීමට හැකිවන අතර පාසල් ළමුන් සඳහා විශේෂ වට්ටමක් ලබා දීමට අපේක්ෂා කරන බවද විජේරත්න මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...