රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්‍ය ලබන සිකුරාදා

Share Button

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍ය ලබන සිකුරාදා ආරම්භ වෙයි. උත්සව සමයේ කතරගමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට උත්සව කමිටුව කටයුතු යොදා තිබේ. පෙරහර මංගල්‍යයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමේ වැඩපිළිවෙළක්ද සකස් කර ඇත. ජලය, විදුලිය, ප්‍රවාහන පහසුකම් ආදී අවශ්‍යතා සැපයීමටද ප්‍රමුඛතාව හිමි වේ.

ලබන මස 12 වෙනිදා අළුයම මැණික් ගඟෙ දියකැපීමෙන් පෙරහර මංගල්‍යය නිමාවට පත් වෙයි.

මේ අතර කතරගම ඇසළ මහා පෙරහරට නැගෙනහිර සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ. වන්දනාකරුවන්ට අවශ්‍ය ජලය ලබාදිම සහ වන සතුන්ගෙන් සිදුවිය හැකි අනතුරුවලින් ආරක්ෂා කිරිමට කණ්ඩායම් දෙකක් සූදානමින් සිටී. උත්සව සමය අවසන් වනතුරු යාල වනය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.