යුක්රේනයේ යුද නෞකාවකට සහ අමෙරිකානු මිසයිල ගබඩාවකට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්

Share Button

යුක්‍රේනයේ ඔඩෙස්සා වරාය ආශ්‍රිතව පිහිටි ඇමරිකානු හර්පූන් මිසයිල ගබඩාවකට හා යුක්‍රේන යුධ නෞකාවකට රුසියානු නාවික හමුදාව පහර දී විනාශ කරයි. ඒ සඳහා අති නිරවද්‍ය ඉලක්ක සහිත මිසයිල භාවිත කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඊට අමතරව යුක්‍රේන නාවුක හමුදාවට අයත් නෞකා අලුත්වැඩියා කරන හා නවීකරණය කරන මධ්‍යස්ථානයක් ද විනාශ කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ දත්තවලට අනුව යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා යුක්‍රේන ප්‍රහාරක ගුවන් යානා 260 ක් හා හෙළිකොප්ටර් යානා 144 ක් විනාශ කර දමා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.