කොරෝනා වයිරසය යලි ව්‍යාප්ත වීමේ අවදානමක්

Share Button

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වලක්වා ගැනීමට ජනතාව අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය බවයි. හැකි ඉක්මනින් සිව් වන මාත්‍රාව එන්නත් කර ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පොදු ස්ථානවල පොදු ප්‍රවාහනය භාවිතයේදී මෙන්ම විශාල පිරිසක් රැස් වන ගෘහස්ථ ස්ථානවල දී මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වෙයි. දෑත් පිරිසිදු කිරීම සමාජ දුරස්ථ භාවය ආදි සෙසු සෞඛ්‍ය මාර්ගෝපදේශ ද නිසි ලෙස අනුගමනය කළ යුතුය.

වැඩ බලන වසංගත රෝග ප්‍රධාන විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මාධ්‍ය හමුවට එක් වෙමින් කලින් සඳහන් කළ පරිදි කොරෝනා එන්නත් කල් ඉකුත් වීමක් සිදු නොවු බව සඳහන් කළේය. සමාගම ඔක්තෝබර් 31 වැනිදා දක්වා එහි කාලය දීර්ඝ කර තිබෙ. එම එන්නත සමාගම විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කරන ලදුව නිසි ක්‍රමවේද අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇතැයි පැවසු විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා වයිරසය යලි ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මුව ආවරණ පැළඳීම යලි නිර්දේශ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා කියයි. එම නිර්දේශය ඊයේ සිට ක්‍රියාත්මකයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා සිව් වන මාත්‍රාව එන්නත් කිරීම කඩිනම් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවක දී එන්නත්කරණ වැඩසටහන මේ සතිය තුල ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ලේකම්වරයා පැවසීය.

කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමේ පී සී ආර් පරීක්ෂණ අවශ්‍යතාව මත සිදු කෙරෙනු ඇත. පොකුරු ලෙස කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ නම් එම ප්‍රදේශ හඳුනාගෙන ආවේක්ෂණ පරීක්ෂණ සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.