ජාතික මව්කිරිදීමේ සතිය ලබන මස පළමුවැනිදා සිට 07 වැනිදා දක්වා

Share Button

ජාතික මව්කිරිදීමේ සතිය ලබන මස පළමුවැනිදා සිට 07 වැනිදා දක්වා යෙදි තිබෙ. මව්කිරිදීමට නැගි සිටිමු – දැනුවත් කරමු – සහාය වෙමු යන්න මෙවර තේමාවයි.

ආර්ථික දුෂ්කරතා පවතින මෙවැනි කාලවකවානුක දරුවන්ට මව්කිරිදීම ළදරු පෝෂණය ඉහළ නැංවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මව්කිරි ලබාදීමට බාධා පමුණුවන විවිධ මාධ්‍ය ප්‍රචාරවලින් වැළකිමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරේ.

දරුවෙකු ප්‍රසුත කළ මවක් රෝහලෙන් පිටත්ව යාමට පෙර තමාට ඇති කායික ගැටලු නිරාකරණය කර ගැනීම වඩාත් වැදගත් වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය ගුවනි ලියනගේ මහත්මිය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලියනගේ මහත්මිය සදහන් කළේ මව්කිරි දීම තුළින් දරුවෙකුට කෙටි හා දීර්ඝ කාලීන වාසි රැසක් ලැබෙන බවයි. ළඳරුවන්ට අතිරේක කිරිපිටි භාවිතය අනුමත නොකෙරේ.

ආසියාතික රටවල් හා සැසදිමේදී ශ්‍රී ලංකාව මව්‍කිරිදීම අතින් ඉතා ඉදිරියෙන් සිටින බව ඇය පැවසුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.