බැග්ඩෑඩ් නුවර විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිති
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිති. එරට අග්රාමාත්ය මුස්තාෆා අල්-කශේමි වහා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටවන්නැයි විරෝධතාකරුවන්ගෙයි ඉල්ලීමක් කරයි.
පවතින දේශපාලන අර්බුදය හමුවේ ඉරාකයේ විරෝධතා ආරම්භ වන්නට විය. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එකදු පක්ෂයකට හෝ සංධානයකට බහුතර බලයක් හිමි නොවීය.
පසුගිය මාසය පමණ වන විට පානිය ජලය හිගකම, විදුලි බලය හා සමාජයීය යටිතල පහසුකම් ගැටළු හේතුවෙන් එරට නොසන්සුන්තාව වර්ධනය වන්නට විය.