ලෝක ආහාර සංවිධානයෙන් පොහොර හොණ්ඩර තුන් ලක්ෂ හැට පන්දහසක්

Share Button

ගොවි ජනතාවගේ පොහොර අවශ්‍යතාවෙන් සියයට 90 ක් මේ වන විට සපයා ඇති බව රජය පවසයි. ලබන මහ කන්නයට අවශ්‍ය පොහොර ලබා දීමට ද කටයුතු යොදා තිබෙ. ඊට අමතරව ලෝක ආහාර සංවිධානය මගින් පොහොර හොණ්ඩර තුන් ලක්ෂ හැට පන්දහසක් නොමිලයේ ලැබීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මුංඇට වගා කරන ගොවි පවුල් වෙනුවෙන් රුපියල් දාහත් දහස් පන්සියය බැගින් වන ආධාර මුදලක් ලබා දීමටද රජය සැළසුම් කර ඇත. ගොවි ජනතාව මුහුණ දී සිටි ගැටළුවලට මේ වන විට විසඳුම් ලබා දීමට රජයට හැකි විය. එබැවින් යම් දේශපාලන අරමුණු වෙනුවෙන් ගොවි ජනතාව නැවත පාරට බැස්සවීමට කිසිවෙකුටත් ඉඩ නැතැයි අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...